රූමස්සල

කීර්ති හේවාගොඩ. 2021/ 01

රූමස්සල පෘතුවිය හා ගැටුන අභ්යාවකාශ වස්තුවක් බවට 75 % ක් උපකල්පනය කරමි

රූමස්සල වූ කලී ශ්රී ලංකාවේ ඇති භූ- විද්යාත්මකව සුවිශේෂී වූ භූමි කොටසකි.
මෙහි භූ විද්යා සම්භවය ගැන විවිධ මත පලවී ඇත. මේ මත එකිනෙකට වෙනස් වූවත් ප්රවාදයන් තුනක් ඔස්සේ විත් එකම ප්රත්යක්ෂයකට නාභි ගත වේ . එනම් " රූමස්සල ලංකාවේ හෝ ලෝව අන් කිසීම තැනක නොමැති අද්භූත සුවිශේෂීතා දරණ බවයි "
එම සෛද්ධාන්තික සහ භෞතික සාධක හෙවත් ප්රවාද 3 මොනවාද?
1- මෙහි ඇති ශාක විවිධත්වය සහ භූ විද්යා අනන්යතාව.
රිටිගල ඇති ශාක විශේෂ සංයුතිය ඇත්තේ රූමස්සල පමණි . නමුත් රූමස්සල රිටිගල ට වඩා ශාක විශේෂ ඇත. වෘක්ෂලතා කලාප ඇත. රූමස්සල සුවිශේෂී පාෂාණ සංයුතිය.
2- රාමායනය ආදී පුරාණ ඉන්දියානු වේදික සාහිත්යයේ සහ ලංකාවේ ජනප්රවාද වල "උඩින් වැටුන පාෂාණ ස්කන්ධයක් " ලෙස ඒ ඒ වෘත්තාන්ත ඔස්සේ දැක්වේ. කලින් වූ දෙයක කට වහරක් සාහිත්ය ගත වූ බව මානව විද්යාත්මකව විශ්වාස කරමි.
3- රූමස්සල යනු පෘතුවිය හා ගැටුන ග්රහකයක ශේෂ වූ හරය බව ආතර් සී ක්ලාර්ක් සහ තවත් විද්යාඥයින් පිලිගත් මතයකි
හදිසි පාෂාණ උත්ක්ෂිප්තයක් (uplift ) හෝ භු තල ප්ලාවිතය නිසා ඇති වූ භූ ස්කන්ධය ක් ලෙස පිලිගැනීමට මත සමහරක් වූවත් ,එසේ නොවීමට සාධක වැඩිය.
පෘතුවි ග්රහයා හෙවත් අප වෙසෙන ලෝකය විටින් විට උල්කාපාත වර්ෂා සහ විශාල ග්රහක ගැටීම් (asteroid collisions ) වලට ලක්ව ඇත. සෞරග්රහ මණ්ඩලය සහ පෘතුවිය ඇති වූයේ මීට වසර බිලියන 4. 6 කට පමණ පෙරය. මීට වසර මිලියන 66 කට පෙර km 11- 81 අතර වූ විශාල ග්රහකයක් හෝ වල්ගා තරුවක් මෙක්සිකෝවේ යුකාතන් අර්ධද්වීපය අසල ගැටෙන අතර එයින් ඇතිවූ මහා පිපිරුම සහ හානියෙන් එවකට සිටි භෞමික ඩයිනෝසරයන් ඇතුලු සමස්ත ජීවී විශේෂ වලින් 75% නෂ්ඨ වේ. එය ක්රටේෂියස් අවධියේ අවසානය තීරණය කරයි..
(වල්ගා තරුද- comets - සෞරග්රහ මණ්ඩලයේ පරාවලයික පථ වල ගමන් කරන ග්රහක වෙති )
රූමස්සල එලෙසම ඝට්ටනය ට ලක්වූ ග්රහකයක යම් සුවිශේෂී භෞතික ලක්ෂණ සහිත වූවක් බව පෙනී යයි. එය තහවුරු කිරීම මෙවන් කෙටි සටහනකින් නොකල හැකි අතර විවිධ ගණිතමය අනුකෘතීන් ( mathematical models ) සහ භූ රසායනික පර්යේෂණ මගින් ශාස්ත්රීය ප්රවේශයක් හරහා විය යුත්තකි.
වසර දෙකකට පමණ පෙර සෞරග්රහ මණ්ඩලයට ඇතුලත්ව අසාමාන්ය ගමන් පථයක විත් ( trajectory ) සූර්යයාට ආසන්නව යමින් නැවත ඉන් ඉවතට ගිය ඔවු - මුආ- මුආ ( Oumuamua )නම් අජටාකාශ වස්තුව එහි අමුතු හැසිරීම නිසා කුහුල දැන වුවකි. පිටසක්වල ජීවය ගැන සහ හදුනා නොගත් පියාඹන වස්තුන් හෙවත් unidentified flying objects -UFO ගැන හදාරන විද්යාඥයන් ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන ලදී. අනෙක් අතට බාහිර අන්තරීක්ෂ වාදය හෙවත් Panspermia ගැන මතය මේ වන විට විදු ලොව අධ්යනයට ලක්ව ඇති මතයකි.
පෘතුවි පෘෂ්ඨයේ සිට අභ්යවකාශයේ අරය (r) සැතපුම් 22 236 ඉහලින් චන්ද්රිකා ස්ථාන ගත කරන කක්ෂය හෙවත් geostationary orbit නොහොත් "ක්ලාර්ක් ගේ කක්ෂයේ" ඇති චන්ද්රිකා හෝ අභ්යවකාශ යානා ඉන්දන අහවර වීම හෝ කාක්ෂික විස්ථානය ක් නිසා පාලනයෙන් තොර චලිතයක / පථයක යත්දී රූමස්සල ඉහලදී දක්වන anomalies හෙවත් "අමුතු " චලන හෝ නිෂ්චල වීම් කුතුහලය දනවයි. රූමස්සල මෙවන් අසාමාන්ය විද්යුත් චුම්බක ක්ෂේත්රය ක් දක්වන්නේ මන්ද?
රූමස්සල විද්යාත්මක ප්රහේලිකාවකි. බුද්ධියක් හෝ සදාචාරයක් නැති සමහරක් සංචාරක හෝටල් ව්යාපාරිකයන්ට සහ දේශපාලකයන්ට රූමස්සල සල්ලි ඉපයීමට සූරා ගත හැකි බිම් කඩක් ලෙස පෙනුනද , ජනතාවට මේ රූමස්සල විද්යාත්මක අධ්යනය සදහා තෝතැන්නක් කර ගත හැකි එළිමහන් විද්යාගාරයකි. .
ඡායාරූපය 1- ඔව්^මුවා^මුවා සහ 2- එහි ගමන් පථය. 3- රූමස්සල ප්රධාන ගොඩබිම තැන්නෙන් වෙන්ව උස්ව ඇති ආකාරය පෙන්වන භූ විෂමතා ලක්ෂණ.
කීර්ති හේවාගොඩ.
2021/ 01
Pictures:
Rumassala3.jpg
Rumassala2.jpg
Rumassal8.jpg
Rumassal6.jpg
Rumassal5.jpg
Add comment

You can add a comment by filling out the form below. Plain text formatting. Comments are moderated.